දෙවන වර්ගයේ දියවැඩියාව

අන් අයට පැවසීම දුෂ්කර විය හැකිය

ඔබට දියවැඩියාව ඇතිබව අන් යට පැවසීම අපහසු විය හැක. නමුත් සමහර පුද්ගලයින් දැන ගැනීම උදව්වක් විය හැක:

  • ඔබගේ පවුලේ අයට ඔබට උදව් කල හැකිය. විශේෂයෙන් ඔබගේ අහාර රටාව වෙනස් කිරීමට ඔබට අවශ්‍ය වන නිසා
  • හදිසි අවස්ථාවකදී, ඔබගේ සහෝදර සේවකයින් හෝ සේවා යෝජකයා මේ පිළිබඳව දැනගැනීම වැදගත් වේ
  • දියවැඩියාව ඇති බව දැන ගැනීම ඔබට මානසිකව බලපෑ හැකිය. ඔබගේ සහකරුට/සහකාරියට එය පැවසීමෙන් ඔබ සිතන අයුරු තේරුම් ගැනීමට ඔවුන්ට පුළුවන් වේ

හදිසි අවස්ථාවකට මුහුණ දීමට වෛද්‍ය හැදුනුම්පත රැගෙන යාම

සමහර පුද්ගලයන් ඔවුන්ට දියවැඩියාව ඇති බව හදිසි අවස්ථාවකදී දැන ගැනීම සඳහා අත වටා විශේෂිත පටියක් පැළඳීම හෝ තම බෑගයේ විශේෂිත යමක් රැගෙන යාම කරනු ලැබේ. ඔබට දියවැඩියාව ඇතිබව දැනගත් විට ඔබට කරන ප්‍රතිකාර වල යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් එය එසේ කල හැකිය. ඒවා විකුණන වෙබ් අඩවි සොයා ගැනීම සඳහා "වෛද්ය හැඳුනුම්පත" සඳහා අන්තර්ජාලය නිරීක්ෂා කරන්න.